ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැමැරව සිටින කාලය තුළ දී එතුමන් යටතේ පවතින අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන් වශයෙන් පවරා ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනපතිතුමන් ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයන්හි නිරතව සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.
මේ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ඉවැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා යන අය පත් කර ඇත.