ජනපති රාජ්‍ය නායකයින් රැසක් හමුවෙයි

මේ දිනවල ජනපති ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්ව සිටින අතර එහි දී ලෝක නායකයින් විශාල පිරිසක් හමුව ඇත.

වෙළඳ, සංචාරක ,අධ්‍යාපන ආදී විවිධ ක්ෂේත්‍රයන් රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් ජනපති රටවල් රැසක රාජ්‍ය නායකයින් එහිදී හමුවී ඇත.

ඊයේ (02) දිනයේ දී  බහරේන් අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා සමග ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දෙරට අතර රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැටිරසියා ස්කොට්ලන්ඩ් සමග ද සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර වෙළඳ අවස්ථා තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙනෙන්ස්කි, වේල්සයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ මැදපෙරදිග සහ බටහිර රටවල  රාජ්‍ය නායකයින් රැසක් සමග ද ජනපති එහිදී හමුවී සාකච්ඡා පවත්වා ඇත.

Exit mobile version