ජනාධිපති ලේකම්, පී.බී.ජයසුන්දර මහතා විසින් සිය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපිය ජනපති වෙත ඉදිරිපත් කර ඇති අතර ජනපති විසින් එය භාරගෙන ඇත.
දෙසැම්බර් මස 31 වනදා සිට ඔහු සිය ධූරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වී ඇත.
ඒ අනුව පී.බී.ජයසුන්දර මහතා එම ධූරයෙන් ඉවත් විමෙන් අනතුරුව ඒ සඳහා ගාමිණි සෙනරත් මහතා පත්කෙරෙන බව ද වාර්තා වේ.
ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් ධූරයේ කටයුතු කරන අතර ඔහුගෙන් පුරප්පාඩුවන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා වර්තමාන වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිතව ඇත.