ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරට අශිර්වාද ලබා ගැනීම සඳහා ෙඵතිහාසික කතරගම කිරිවෙහෙර පුද බිමේදී ආගමික වතාවත්වල නිරතව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහි දී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වෙනුවෙන් සිදුකරන ලද කප්රුක් පූජාවට සහ ගිලන්පස, ඖෂධ පූජාවට ද ජනපති සහ අගැමති එක්වූ බවයි.
රැස්ව සිටි පිරිස පංච ශීලයේ පිහිටුවා ආගමික වතාවත් සිදු කිරීම කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි විසින් සිදුකර ඇත.
කතරගම පූජා භූමියේ මල් වෙළඳුන් විසින් ජනපති වෙත මල් පිරීනමන ලද අතර එහි දී රැස්ව සිටි ජනතාව සමග ද ජනපති කතාබහක නිරත විය.