ජනපති සහ අදානි අතර හමුවක්

අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞත්ම් අදානි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද (25) දිනයේ දි ඔහු ජනපති හමුවීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ගෞතම් අදනි මහතා ජනපති හමුවන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහ ව්‍යාපාරය වෙත ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බවයි.

අද දිනයේ ගෞතම් අදානි මහතා දිවයිනට පැමිණිමට නියමිතව ඇති අතර ජනාධිපතිතුමාට අමතරව තවත් රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version