ජනරාල්වරුන්ගේ මාෆියාව සහ වනසිංහගේ විශ්‍රාම යැවීම. UNP සහ PJP අප්‍රසාධය වැඩිවෙන ලකුණු.

(ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බිදවැටි තිබෙන බවට කෙරෙන විද්‍යාත්මක විග්‍රහයකි. මේජර් ජනරාල් වනසිංහගේ විශ්‍රාමය සමග යුධ හමුදා සාමාජිකයන්ගේ බලාපොරොත්තු සුන් වීම පිළිබඳවද දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. මෙම ලිපියෙන් සංජය වනසිංහ යුධ හමුදාධිපති කල යුතු බවට යෝජනා නොකරන අතර යුධ හමුදාවේ වර්තාමන තත්වය පමණක් පෙන්වා දි තිබේ.)

ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට කුමන ගැටළු උත්සන්නව තිබුණත් රාජ්‍ය පරිපාලනය සිදුවන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. එම ව්‍යවස්තාව යටතේ සැකසුනු අනු නීති, සහ විවිධ බලාධිකාරින් යටතේ රට පාලනය වන නමුත් සමහර අණපනත් සම්මත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසද නීති සම්මත කර තිබේ. එසේම සමහර රාජ්‍ය ආයතන මගින් සකසා තිබෙන නීතිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අනෙකුත් නීතින්වලටද එරෙහිව සකසා තිබේ. ඒවා නීත්‍යානුකුල නීති නොවුනත් ඒවාට අභියෝග කිරීමට අධිකරණයන් වෙත යාමට තරම් මුදලක් රාජ්‍ය සේවකයන්ට නැත. ඉන් දුෂිත බලධාරීන් දිගින් දිගටම එම තත්වයන් පවත්වාගෙන යති.

කෙසේ නමුත් පනවා තිබෙන සමහර නීතින් නිසා බොහෝ ආයතන බිඳ වැටි තිබේ. එවැනි නීතිවිරෝධී නීති රෙගුලාසි සකසනුයේ රාජ්‍ය ආයතවල සේවය කරනා අදක්ෂ නිලධාරීන්ය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තාවන්ට සේවයෙන් ඉවත්ව යාමට අවශ්‍ය නම් පිළිගත් නීතිය වන්නේ අවුරුදු දෙකකින් ඔවුන්ට ඉවත්ව යා හැකි වීමයි. නමුත් 2011 දි ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එය අවුරුදු 5 දක්වා වැඩිකර තිබේ. පාර්ලිමේන්තුව මගින් සම්මත වූ නීතියක් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හෝ වෙනත් ආයතනවල ප්‍රධානීන්ට, අධ්‍යක්ෂක මණ්ඩලවලට වෙනස් කල නොහැක. එම නීතින්වලට එරෙහිව යමින් බලය, හෝ අභිමතය බාවිතා කල නොහැක. ඉන් පරිපාලන දෝෂ ඇතිවන අතර ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝණය වේ. එවිට කල යුත්තේ අදාළ අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්නකර ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමයි. එසේම එවැනි නියමයන් අසාධාරණ ගිවිසුම් වැළැක්වීමේ පනත මගින් බැහැර කර තිබේ. ඒ අනුව මෙරටට අවශ්‍ය වන්නේ රට ගැන හිතනා නායකයන්‍ වේ. ඔවුන් රටේ නීතියට ගරුකරනා කොටසක් ද විය යුතුය.

ශ්‍රී ලංකාව සියලුම පැතිකඩයන් ඔස්සේ විනාශව තිබුනත් එය නිවැරදි කිරීම වෙනුවෙන් ලෝකයේ දියුණු රටවල් වල ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයක්, ඒ වෙනුවෙන් අවශ්‍ය අණපනත් හෝ කිසිවක් ඉදිරිපත් කිරීමට වර්තමාන රජය අපොහොසත්ව තිබේ. එයට හේතුව මෙරට මහජනතාව විසින්ම දැනුමින් සන්නද්ධ වූ මන්ත්‍රී මණ්ඩලයක් පත්කරගැනීමට අපොහොසත් වීමය. ප්‍රථමව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව මෙන්ම ඒ වෙනුවෙන් කටයුතු කරනා ආරක්ෂක අංශයන් සංවර්ධනය විය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා වෙනුවට හමුදා සේවය ලක්ෂයට අඩුකරමින්, දක්ෂ හමුදා නායකයන් ඉවත්කරමින්, දේශපාලනික වශයෙන් සබඳකම් තිබෙන දුෂිත නායකයන්ගෙන් පරිපූර්ණ හමුදාවක් බිහිකිරීමට ආරක්ෂක ලේඛම්වරයා ප්‍රමුඛ විශ්‍රාමික සමහර දුෂිත ජනරාල්වරුන් මේ වන විටත් කටයුතු කරමින් සිටි. එවන් පසුබිමක් තුල යුධ හමුදා නිලධාරීන්ගේ මෙන්ම භාටයන්ගේද කායික, මානසික සංවර්ධනය බින්දුවට බැස තිබේ. නමුත් සමහර හමුදා නායකයන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වනසන බවත්, එම මුදල්වලින් හමුදානායකයන්ගේ භෞතික සංවර්ධනය සිදුකරමින් තිබෙන බවත්, උදහාරණයක් ලෙස යුධ හමුදාධිපතිවරයාගේ නිවස අලුත්වැඩියාව සදහා ලක්ෂ 800 ක් පමණ වියදම්කර  තිබෙන බවත් අනාවරණය වුයේ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.

රටේ තත්වය එසේ දුෂිත, ගැටළු, පීඩාකාරීව කොටස්වලින් සම්පුරණ වෙමින් තිබෙන අතරතුර එවැනි දෝෂවලට එහා ගිය කුමන්ත්‍රණ නිසා ශ්‍රී ලංකා යුධ හමුදාවේ වර්තමාන යුධ හමුදාධිපති ලෙස සජීවීව සිටිනුයේ විශ්‍රාමික හමුදාධිපතිවරයෙකි. ඒ සේවා දිගුවක් මත සිටින ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාය. ඔහුගේ චරිතාපදානය පසුගියදා පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් කරන ලද පැමිනිල්ලක් මගිනි. අතීතයේ කෙසේ වෙතත් විකුම් ලියනගේ මහතාට සේවා දිගුව ලබා නොදුන්නේ නම් නියම යුධ හමුදාධිපතිවරයා වන්නේ එළබෙන 13 වැනිදා විශ්‍රාම යා යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විසින් අත්සන් කර තිබෙන බව කියවෙන මේජර් ජනරාල් වනසිංහය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගැටළු දහසක් මේ වන විටත් නිර්මාණය වී තිබේ. ඒ දුර්වල පරිපාලනය සහ ආත්මාර්ථකාමී කණ්ඩායම් යුධ හමුදාවේ ප්‍රධාන නිලතලවලට පත්ව සිටින බැවිනි. යුධ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද වර්තමාන පරිපාලනයට දැඩි සේ විරුද්ධව සිටි. ඔවුන්ගෙන 95% ක්ම ලුතිනන් ජනරාල් වනසිංහ යුධ හමුදාධිපති බවට පත්වනු ඇතිබවට දහසක් බලාපොරොත්තු තබාගෙන සිටියේය. නමුත් ඔහුගේ විශ්‍රාම යාම කුට සහ උපක්‍රමශීලි ලෙස සිදුකර තිබෙන බවට සමස්ත යුධ හමුදාව පමණක් නොව රටේ මිනිසුන් දැනගෙන අවසන්ය. කෙසේ නමුත් ජනාධිපතිවරයා ඔහුගේ විශ්‍රාමය වෙනුවෙන් අත්සන් තබා තිබේද යන්න අප විසින් තවුරුකරගෙන නැත. එසේම සංජය වනසිංහ යුධ හමුදාධිපති බවට පත්කළ යුතුම බවට ද යෝජනා කිරීමට අපට අවශ්‍ය නැත. නමුත් මහජන ආරක්ෂාව වෙනුවෙන් කැපකරන, ජාතියේ ආරක්ෂක හදවත සුරැකීම වෙනුවෙන් දක්ෂ හමුදාධිපතිවරයෙක් අවශ්‍ය බව පෙන්වා දීම, එය දේශපාලනික වශයෙන් නොව යතාර්තවාදීව පෙන්වා දීම මාධ්‍යවේදීන් ලෙස අපගේ වගකීම වේ.

ශ්‍රී ලංකා යුධ හමුදා ගැමුණු හේවා බලකායේ ජනරාල් දම්පත් ෆර්නෑන්ඩු ද සේවා දිගු ලබමින් යුධ හමුදාවේ සේවයේ නිරත වේ. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිෂ් මාෂල් පතිරගේද අවුරුදු ගනනාවක් තිස්සේ සේවා දිගු ලබමින් සිටි. එම කාලය මේ වන විට අවුරුදූ අටකට වඩා වැඩි බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඔවුන්ගෙන් රටට සේවයක් සිදුවන්නේද යන්න අප සොයාගෙන නැත. මේජර් ජනරාල් සුරේෂ් සලේ, මේජර් ජනරාල් දර්ශන හෙට්ටි ආරච්චි, මේජර් ජනරාල් රුවන් කුලතුංග, මේජර් ජනරාල් සෙනරත් යාපා, මේජර් ජනරාල් සුදන්ත රණසිංහ ( මෑතකදී ඉවත්විය), මේජර් ජනරාල් ජයසුන්දර ( මහතකදී මිය යන ලදී)  ආදී ජනරාල්වරු ගණනාවක් තවමත් සේවයේ  යෙදී සිටි. නමුත් මෙම තනතුරුවල‍ට සක්‍රීය හමුදා නිලධාරීන් පත්කළ හැකිය. ඉන් මහජන ධනය ඉතිරි වේ.

ජනරාල් චන්ද්‍රසිරි, දයා රත්නායක, ජගත් විජේසිරි, රියර් අද්මිරාල් අමරවීර, රක්නා ලංකා ආයතනය, මෙජර ජනරාල් වී. යු. බී නානායක්කාර, මේජර ජනරාල් ටී. ජේ නානායක්කාර, මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක, මේජර් ජනරාල් ළමා හේවා, මෙජර ජනරාල් සේනාදීර ( ඉවත් විය) , මේජර් පාලිත ෆර්නෑන්දු ( ඉවත් විය), මේජර් ජනරාල් සොයිසා ( ඉවත් විය) මේජර් ජනරාල් සුමේධ පෙරේරා (ඉවත් විය)  ආදී විශ්‍රාමික හමුදා ජනරාල්වරු ඇතුළු  විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සහ වනවා වැටුප් සහ වරප්‍රසාද යටතේ සේවය කරති. ඔවුන් සියල්ලෝම ඉවත කර සක්‍රිය හමුදා නිලධාරීන් පත්කිරීමෙන් වැටුප් මෙන්ම අමතර වාහන සහ අනෙකුත් සියලුම සැප පහසුකම් වලට යන වියදම කප්පාදු කල හැකිය.  

මෙවැනි පසුබික් තුල දුෂිත හමුදා නායකයන් නොහොත් විශ්‍රාම ගොස් තිබෙන සමහර දුෂිත මෙන්ම දේශපාලන හමුදා නායකයන් රටේ වැදගත් ස්ථාන සියල්ලේම පාහේ ප්‍රධානීන් වී සිටිති. එම නිසාම ජනතාවත්, හමුදා සාමාජිකයනුත් ඔවුන්ගේ පවුල්වල සිවිල් වැසියන්ද ප්‍රජාවන් ලෙස බිඳවැටි තිබේ. නමුත් මෙසේ පීඩාවට පත් ප්‍රජාවන්ගේ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට මෙම හමුදා නායකයන් අසමත්ව තිබේ. විශ්‍රාම ගොස් සිටින හමුදා නිලධාරීන්ට, භටයන්ට මියෙන තුරාවටම ගරුත්වයක් ලබා දී තිබේ. එය රැක ගත යුතුය. එය රැක ගන්නා අතරතුර රට වෙනුවෙන් ඔවුන්ට කල හැකි දේවල විශාල වශයෙන් තිබේ. නමුත් රට රැකගැනීමේ බලාපොරොත්තුවෙන් දේශාපලන පක්ෂවල නායකයන් ප්‍රවර්ධනය කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ට තිබෙන ගරුත්වයද අහිමි වීමයි. අපගේ විද්‍යාත්මක දැක්ම වන්නේ ඔවුන් රට වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත්, එය විය යුත්තේ මහජනතාව අප්‍රසාධයෙන් බලන දේශාපලන පක්ෂ හරහා නොවිය යුතුය. විශ්‍රාමික හමුදා නිලධාරීන් දේශාපලන පක්ෂ සමග එක්වන විට, ඔවුන්ට ලැබෙන අප්‍රසාදය සෘජුවම සක්‍රීය සේවයටත් ලැබේ. දේශාපාලනය කිරීම ඔවුන්ට තිබෙන අයිතිවාසිකමක් වුවත්, ඉන් හමුදා සේවයට සිදුවන හානිය දෙස බැලිය යුත්තේ පරම පවිත්‍ර චේතනාවෙනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවර්ධනය කිරීමට නම් හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ තත්වයට බලපාන තීරණවලට අර්ථවත් ලෙස බලපෑම් කළ හැකි වන පරිදි ක්‍රියාකාරී ක්‍රම,  පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ තත්වයට හේතු ප්‍රමාණවත් ලෙස අවබෝධ කර ගත හැකි වන පරිදි ගැටළු හඳුනාගැනීම, ගැටලුවට විකල්ප විසඳුම් හා සම්බන්ධ ආර්ථික, සමාජීය, දේශපාලනික, පාරිසරික සහ මානසික බලපෑම අවබෝධ කර ගැනීමට ප්‍රජා සාමාජිකයින්ට උපකාර කිරීම,  හවුල් නායකත්වය සහ ක්‍රියාකාරී පුරවැසි මෙන්ම හමුදා සාමාජික සහභාගීත්වය අවධාරණය කරමින් එකඟ වූ ගැටළු විසඳීම සඳහා සැලැස්මක් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, අවාසි සහගත කොටස්වලට අහිතකර ලෙස බලපාන ක්‍රම සොයා විකල්ප සෙවීම, හමුදා සාමාජිකයන්ගේ නායකත්ව හැකියාව, කුසලතා, විශ්වාසය සහ අභිලාෂයන් වැඩි කිරීමට ක්‍රියාකාරීව කටයුතු කිරීම ආදී සැලසුම් ක්‍රියාත්මක කල යුතු වුවත් අප විද්‍යානුකූලව ඉදිරිපත්කරනා කිසිම ක්‍රියාවලියක් සිදුකිරිමට ආරක්ෂක ලේඛම්වරයා හෝ යුධ හමුදාධිපතිවරයා අසමත්ව තිබේ.

සැමුවෙල් හන්ටිංටන්ගේ ද “සොල්ජර් ඇන්ඩ් ද ස්ටේට්” සිවිල්-මිලිටරි සබඳතා අධ්‍යයනය සඳහා ස්පර්ශකයක් ලෙස පවතී. කෙසේ වෙතත්, පොත එහි ඓතිහාසික සන්දර්භය තුළ නැරඹිය යුතු අතර, එය වසර 50 කට පෙර සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී න්‍යෂ්ටික අවි භාවිතය සඳහා තීරණ ගැනීමේ අධිකාරිය මධ්‍යගත කිරීමේ පැහැදිලි අවශ්‍යතාවය සිවිල් පාලනය පිළිබඳ දැඩි අර්ථකථනයකට සහාය දුන් විට ලියා ඇත.  යාලු ගඟ තරණය කර කොරියානු යුද්ධය උත්සන්න කිරීමට ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් කළ තර්ජනය හන්ටින්ටන්ගේ මනසෙහි නැවුම් වූවාට සැක නැත. හන්ටිංටන්ගේ “වෛෂයික පාලනය” පිළිබඳ සංකල්පය සොල්දාදුවාගේ සහ රාජ්‍ය පාලකයාගේ ක්ෂේත්‍රය අතර පැහැදිලි සීමාවන් නිරූපණය කරයි; පළමුවැන්නාට ඔහුගේ ප්‍රවීණත්වයේ ක්ෂේත්‍රය තුළ යම් ක්‍රියාකාරී ස්වාධිපත්‍යයක් ලබා දී ඇති නමුත් සදාචාරාත්මක ස්වයං පාලනයක් ඉතා අල්පය. හන්ටින්ටන් තර්ක කරන්නේ හමුදා වෘත්තිකයා තනිකරම මිලිටරි හෝ නීත්‍යානුකූලව හැර වෙනත් ඕනෑම හේතුවක් මත විරුද්ධ වන්නේ නම් ඔහු සිහින් අයිස් මත සිටින බවත් අවසානයේ ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ඔහුගේ සිවිල් ස්වාමිවරුන්ට පක්ෂපාතී වීමයි. හන්ටිංටන් සඳහා, මැද මාවතක් නොමැත: “හමුදා නිලධාරියාට බලයලත් ප්‍රධානියෙකුගෙන් නීතිමය නියෝගයක් ලැබුණු විට, ඔහු පසුබට වන්නේ නැත, ඔහු තමාගේම අදහස් ආදේශ නොකරයි; ඔහු ක්ෂණිකව කීකරු වේ.”

හමුදා සේවයේ විශේෂයෙන්ම පහත කරුණු දෙස අවධානය යොමුකළ යුතුය. ඒවා “අණ සහ පිළිපැදීම” මත තීරණය වේ.

* “නිලධාරියාට අණට කීකරු වෙමින් ජීවත් විය නොහැකි නම්, ඔහු අකීකරු වී ප්‍රතිවිපාක පිළිගත යුතුය.”

* “ නිලධාරියාට තමාගේ තත්වය ගැන කණ්ණාඩියෙන් තමා දෙස බැලීමට නොහැකි වූ විට.”

* “ නියෝගය දුරාචාරයක් ලෙස සලකන විට.”

* “එය මෙහෙයුම අසාර්ථක වීමට තුඩු දෙන විට.”

* “කිසිවෙකුට හානියක් හෝ අනවශ්‍ය ලෙස මිය ගිය විට.”

* “එය මිලිටරි හෝ ආයතනික ව්‍යසනයක් ඇති කරන විට.”

ඉහත කරුණු වලින් පිළිබිඹු වන්නේ හමුදා වෘත්තිකයාට තම නායකයින්ට, සිවිල් හෝ හමුදාවට කීකරුකම සහ පක්ෂපාතීත්වයට වඩා මූලික සදාචාරාත්මක බැඳීම් ඇති බවයි. මයර්ස් සහ කෝන් අදහස් කරන්නේ “සදාචාරය” යන යෙදුම ආරක්ෂා කළ නොහැකි තරම් ආත්මීය බවයි. එසේම සමහරු තර්ක කරන්නේ හමුදා වෘත්තිය පැහැදිලිව නිර්වචනය කරන ලද සදාචාරාත්මක මූලධර්ම මත පිහිටුවා ඇති බවයි.

වෘත්තියක් තමන් දෙස බලන ආකාරය එහි අනන්‍යතාවය හැඩගස්වා ගැනීමට බොහෝ දේ කරන අතර, උසස් සදාචාරාත්මක ප්‍රමිතීන් මත කේන්ද්‍රගත වූ වෘත්තියකට අයත් වීම ගැන එක්සත් ජනපද හමුදා නිලධාරීන් ආඩම්බර වෙති. මෙම විශ්වාසය, ඇතුල්වීමේදී කාවැදී ඇති අතර නිරන්තරයෙන් ශක්තිමත් වන අතර, වෘත්තිය තුළ ස්වයං-පැහැදිලි වේ. ඇත්ත වශයෙන්ම, සෑම සේවාවක්ම එය මූලික ලෙස සලකන සදාචාරාත්මක මූලධර්ම විස්තර කිරීමට මූලික අගයන් යන යෙදුම භාවිතා කරයි. සාරධර්ම කෙරෙහි අවධාරණය කිරීම, නරක තීරණ ගැනීමේ විභව පිරිවැය විශේෂයෙන් ඉහළ මට්ටමක පවතින වෘත්තියක් බවට ආයතනික අවබෝධයක් පිළිබිඹු කරයි.

නීත්‍යානුකූලව සහ සදාචාරාත්මකව හරි දේ කිරීම ලෙස නිර්වචනය කරන ලද අඛණ්ඩතාව පිළිබඳ සංකල්පය, යුධ, නාවික සහ ගුවන් හමුදාවන් වල  වෘත්තීය ආචාර ධර්මවල අන්තර්ගත වේ. යුධ හමුදාව එහි වටිනාකම් අතර ලැයිස්තුගත කර ඇත පරාර්ථකාමී සේවය, එය අර්ථ දක්වා ඇත්තේ “ජාතියේ, හමුදාවේ සහ ඔබගේ යටත් නිලධාරීන්ගේ සුභසාධනය ඔබේ යහපතට පෙර තැබීම” ලෙසිනි. පක්ෂපාතීත්වය හමුදා වටිනාකම් වලින් එකක් වුවද, යටත් නිලධාරීන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමේ වගකීමක් ලෙස එය අර්ථ දැක්වේ. කීකරුකම කිසිදු සේවාවක මූලික වටිනාකම් හෝ ආචාර ධර්ම අතර ලැයිස්තුගත කර නැත. සදාචාරාත්මක ධෛර්යය ඇති වුවද, ශාරීරික යෝග්‍යතා වාර්තා මත එය ඇගයීමේ ක්ෂේත්‍රයක් ලෙස නොපෙන්වයි. නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ ජේෂ්ඨ  හමුදා නායකයන් මේ සියල්ලම පටලවාගෙන තිබේ. එයට හේතුව නම් නිළ ඇදුමෙන් ඔවුන්ට ලැබී තිබෙන බලය භාවිතාකරන්යේ දැලි පිහියක් සේ බැවිනි. එය භාවිතාකල යුත්තේ රටේ සුභ සිද්ධිය වෙන්වෙන් විනා තම පවිටු දුෂිත පරමාර්ථයන් ඉටුකරගැනීම වෙනුවෙන් නොවන බවට ඔවුන් නොදන්නා අතර ඉන් කියවෙන්නේ ඔවුන් නුගතුන් බවත්ය

උත්තරීතර විධානයේ, එලියට් කොහෙන්ගේ කේන්ද්‍රීය තේමාව අසමාන සංවාදයකි – ඔහු භාවිතා කරන්නේ සිවිල් නායකයින් හමුදා මෙහෙයුම් අධීක්‍ෂණය කළ යුතු ක්‍රමය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.

“ඔබේ මංතීරුවේ සාම්ප්‍රදායිකව රැඳී සිටින්න” යන තර්කය ප්‍රතිපත්තිමය කරුණු සහ මිලිටරි උපාය මාර්ග අතර පැහැදිලි වෙනසක් උපකල්පනය කරයි. මේ දෙක අතර රේඛාව අතිශයින් සරල කිරීම ගැන හන්ටිංටන් විවේචනය කරන කොහෙන් පවා විශ්වාස කරන්නේ සිවිල් පාලනයේ මූලධර්මය ආරක්ෂා කිරීම සඳහා කොතැනක හෝ රේඛාවක් ඇඳිය යුතු බවයි. සත්‍යය නම්, ඒකාබද්ධ ක්‍රියාකාරි පරිසරය සහ ඉහළ හමුදා අණ දෙන නිලධාරීන්ට පැවරී ඇති කාර්යභාරයන් සහ දූත මණ්ඩලවල ස්වභාවය යන මිලිටරි මූලධර්මවල සංකීර්ණත්වය නිසා කිසිදු පැහැදිලි වෙනසක් කළ නොහැක.

පැහැදිලිවම, මිලිටරි වෘත්තිකයාගේ තීරණ ක්ෂේත්‍රය හන්ටිංටන් සහ කොහෙන් පවා යොදන දැඩි පරාමිතීන් ඉක්මවා යයි. රාජ්‍ය නායකයා හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ වීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය සම්පන්න වූ වටිනාකමක් සපයනවා සේම, හමුදා වෘත්තිකයාගේ සදාචාරාත්මක ස්වාධිපත්‍යය අභ්‍යාස කිරීමද සිදු වන බවයි. ප්‍රතිපත්ති සහ උපාය මාර්ග යන දෙකම ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පාලකයා සහ සොල්දාදුවා එකසේ වගකීම බෙදා ගැනීම මත හොඳ තීරණ ගැනීම රඳා පවතී.

“ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, සිවිල් දේශපාලනඥයන් නොසැලී සිටින බව සහතික කිරීමට හමුදාවට පවරා ඇති රාජකාරියක් නොවේ,” පීටර් අදහස් දැක්වීය. එහෙත්, “වැරදි තීරණ ගැනීමේ ප්‍රතිඵල අපතේ යන ජීවිත හා ජාතියට හානි වන විට; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති සිරිත් විරිත් පරීක්ෂාවන් – ජනතාවගේ මැතිවරණ හඬ, කොන්ග්‍රසය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය – නියමිත වේලාවට ක්‍රියා කිරීමට බල රහිත වූ විට; සහ හමුදා වෘත්තිකයා පමණක් විපතක් වළක්වා ගත හැකි තත්ත්වයක සිටින විට, ඔහු තම අභිමතය පරිදි කටයුතු නොකළ යුතු බවට තර්ක කිරීම එතරම් තේරුමක් නැති දෙයක්” ඩියුක් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ෆීවර් ප්‍රකාශ කළේය.

උදාහරණයක් ලෙස ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කළ විධායක තීරණයකට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අවනත වූ මෑත කාලීන සිද්ධියක් සලකා බලන්න. හම්දාන් එදිරිව රම්ස්ෆෙල්ඩ්, ජූනි 2006 දී, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ජිනීවා සම්මුතිවල 3 වන පොදු වගන්තිය යටතේ සපයනු ලබන ආරක්ෂාවට ගුවන්තනාමෝ රැඳවියන්ට හිමිකම් ඇති බවයි. මෙයින් අදහස් කළේ එක්සත් ජනපද රජය වසර 4 කට වැඩි කාලයක් ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කර ඇති බවයි. මෙම තීන්දුව උපායමාර්ගික සන්නිවේදනයේ ඉතා වැදගත් ක්ෂේත්‍රය තුළ එක්සත් ජනපදයේ ප්‍රයත්නයන් හෑල්ලුවට ලක් කරමින් ජාතික කීර්තියට එල්ල කරන බරපතල පහරකට වඩා අඩු දෙයක් ලෙස දැකීම දුෂ්කර ය. නමුත් එය ඊට වඩා වැඩි දෙයක් විය – ජාතික සාරධර්ම වැදගත් යැයි විශ්වාස කරන අයට, එය ජාතිය නියෝජනය කරන බව ප්‍රකාශ කරන හේතුවම හෑල්ලු කරන බවක් පෙනෙන්නට තිබුණි. මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගිලිහී ගියේ නැත; විනිසුරු ඇන්තනි කෙනඩි නිරීක්ෂණය කළ පරිදි, “පොදු වගන්ති 3 උල්ලංඝනය කිරීම් යුද අපරාධ ලෙස සලකනු ලැබේ.”

නමුත් අඛණ්ඩතාව සහ සදාචාර ධෛර්යය අගය කරන වෘත්තියකට විරුද්ධ මත රැවටිලිකාර ප්‍රවේශයක් සාධාරණීකරණය කළ නොහැක. විවෘත ස්ථාවරයක් ගැනීමෙන්, හමුදා වෘත්තිකයා ඔහුගේ විශ්වාසයන් වල ධෛර්යය විදහා දක්වයි, නමුත් ඔහු හරි හෝ වැරදි වුවත්, පුද්ගලික ප්රතිවිපාක ව්යංගයෙන් පිළිගනී. ඔහුගේ ස්ථාවරය නැවත සලකා බැලීමට නියෝගය නිකුත් කරන්නාට ඒත්තු ගැන්වීමට හෝ එය ව්‍යවස්ථාදායකයේ අවධානයට යොමු කිරීමට ඉඩ ඇත. අනෙක් අතට, එය තනිකරම සංකේතාත්මක විය හැකි අතර තීරණයට කිසිදු බලපෑමක් නැත. කෙසේ වෙතත්, ඔහු තම සදාචාරාත්මක ස්වාධීනත්වය භාවිතා කර එහි ප්රතිවිපාක ගෙන ඇත. සියල්ලට පසු, ඔහු ඔහුගේ අනාවැකි වැරදි විය හැකි අතර, මෙම කරුණ ප්‍රධාන වන්නේ මිලිටරි වෘත්තිකයා, කෙසේ වෙතත්, හොඳින් ස්ථානගත හා බුද්ධිමත් වුවද, සෑම විටම වැරදි විය හැකි බැවිනි. ඔහුට විරුද්ධ අදහස් දැක්වීමට සදාචාරාත්මක ස්වාධිපත්‍යයට ඉඩ දීමෙන් සමස්ත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට ප්‍රතිලාභ ලැබේ. දුරාචාර යැයි සැලකෙන “මන්දගාමී” නියෝගවල භාවිතය අනුමත කිරීම අවසානයේ මෙම ක්‍රියාවලිය කඩාකප්පල් කරයි. මෙම ප්‍රකාශයේ සත්‍යය වඩාත් පැහැදිලිව පෙනෙන්නේ, හොඳ ප්‍රතිඵල සඳහා සෙමින් පෙරළන ලද නරක නියෝග පිළිබඳ අතීත උදාහරණ දෙස බලනවාට වඩා, යමෙක් විභව ප්‍රතිපත්තිමය තීරණයක් දෙස බලන විට, එහි ප්‍රතිවිපාක අතිශයින් මතභේදාත්මක විය හැකි නමුත් කිසිසේත්ම අනාවැකි කිව නොහැක.

හමුදා නායකයින් ප්‍රතිපත්තිවලට හානි කරන උපාය මාර්ගයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබේ නම්, සිවිල් නායකයින්ට අභියෝග කිරීමට බැඳීමක් ඇති සේම, එම ප්‍රතිපත්තිය ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හෝ වෙනත් ආකාරයකින් ආයතනයට අහිතකර ලෙස පෙනෙන්නේ නම්, හමුදා නායකයින් තම සිවිල් ස්වාමිවරුන්ට අභියෝග කිරීමට කැපවී සිටිති. හමුදාවේ සිවිල් පාලනය මෙම වගකීම මග හරින්නේ නැති අතර පැහැදිලි සීමා මායිම් සහිත ඒකපාර්ශ්වික හා ධුරාවලියක් ලෙස සරලව නොසැලකිය යුතුය. මිලිටරි මූලෝපාය සහ ප්‍රතිපත්ති අතර සීමාවන් බොඳ කරන සංකීර්ණ මෙහෙයුම් පවතින මෙම යුගයේ මෙය දැන් විශේෂයෙන් වැදගත් වේ.

හමුදා නිලධාරියා සඳහා, මෙය ඔහුගේ වෘත්තියේ ස්වභාවය සහ ජාතික ක්‍රියාත්මක කිරීමේදී එහි කාර්යභාරය අවබෝධ කර ගැනීමේ වැදගත්කම අවධාරනය කරයි.

ඒ සියල්ලම එසේ වුවත්, 2006 වර්ෂයේ සිට අප දකින්නේ ඉහතින් සදහන් කල ආකාරයට කටයුතු කිරීමට වෙනුවට හමුදා නායකයන් දිරිගැන්වුයේ දේශාපලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සදහා භාවිතා කිරීමයි. එහි ප්‍රථම පියවර ලෙස මහින්ද රාජපක්ෂ 2006 අය වැය මගීන් විධායක පන්තිය වෙනුවෙන් අසීමිත වැටුප් වැඩි කිරීමක් කලේ තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂමට පයින් ගසමිනී. ඉන් අනතරුව ඔවුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදී සියල්ලම ලබා දෙමින් ප්‍රභූ පාලනයක් ගොඩ නැගුවේය. එදා ඔහු ගොඩනැගු දුෂිත පාලනයට අනුව අද වන විට රටට සිදු වියයුතු සමස්ත හානියම සිදුව තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් දේශාපාලනය නායකයන් වෙනුවෙන් පෙනී සිටියේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විශ්‍රාමික ජනරාල්වරුන්ගේ සිට සමාන්‍ය සෙබලා දක්වාම ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ඔවුන් ගොඩනැගුවේය. එහි ප්‍රතිපලද අප මේ වන විටත් භුක්ති විඳිමින් සිටිති. එහෙත් ඔවුන් තවමත් වර්තමාන රජයේ තනතුරු දරමින් රට විනාශකරමින් සිටින්නේය. එවන් පසුබිමක් තුල යුධ හමුදා සෙබළුන් ඉල්ලා සිටින යහපත් හමුදා නායකයා විශ්‍රාම ගැන්වීමම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙන්ම එක්ෂත් ජාතික පක්ෂයට ඔවුන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල ලක්ෂ ගණනාවකගේ චන්ද අහිමිවී යනු ඇත. එය මේ පක්ෂ දෙකම ඉල්ලාගෙන කෑමකි. මෙම පක්ෂ දෙකටම මෙවර බලාපොරොත්තුවන බලය ලබා ගැනීමට නොහැකි වන්නේ ජනතා අභිප්‍රායන් මේ වන විට වෙනස්ව තිබෙන බවට ඔවුන් හදුනාගෙන නොමැති බැවිනි.

ඒ අනුව ගැටළු විසදීමට නම් විශ්‍රාමික සහ සක්‍රීය හමුදා බලධාරීන්ගේ මාෆියාව ගැලවිය යුතුය. එය එසේ නොකර යහපත්, විනයානුකූල හමුදාවක් බලාපොරොත්තු නොවන්න. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සහ සාගල කල යුත්තේ ඇන්ඳී සිවීම නොවේ. දැනටමත් කැපිලි නිසා නිවසට යාමට සුදානම්ව සිටින ජනරාල් වනසිංහ හෝ එවැනිම පිඩාවට ලක්ව සිටින හමුදා නිලධාරියෙකු ක්ෂණිකව යුධ හමුදාධිපති කරවීමයි. එය බුද්ධිමත් පාලකයෙකුගේ දක්ෂ කළමණාකාරිත්වයේ කොටසකි. ඒ හැර මේ කුමන පුද්ගලයා හමුදාධිපති ලෙස පත් වුවත්, තනතුරේ සිට කල යුත්තේ කුමක්ද යන්න තේරුම් ගෙන රාජකාරිය කිරීම ඔහුගේ වගකීම වේ.

Exit mobile version