ජනවාරි සහ පෙබරවාරි මාස වල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම කොට උඩ. රජය නිවේදනය කරයි.

අද (10) විශ්‍රාම වැටුප් ගෙවීම ගැටළු සහගතව තිබෙන බැව් අද උදෑසනම අප වාර්තා කරන ලදී. එසේම කැබිනට් තීරණ දැනුම් දීමේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සදහන් කලේ මේ වන විට භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුධයකට ලක්ව තිබෙන බවයි.

ඔහු පවසන ආකාරයට මෙතරම් බදු බරක් මහජනතාවට පටවලත් බදු මුදල් මදි වී තිබේ. ඔහු පවසන ආකාරයට රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට රජය ණය සදහා පොලිය ගෙවීමට මෙන්ම සුභ සාධන පිරිවැය දැරිමටවත් අදායමක් නැත. එබැවින් සියලුම අමාත්‍යංශවලින් වැය මුදලින්  5% ක් කපා හැරීමට ද තීරණය කර තිබේ.

එසේම ජනවාරි මාසයේ සමුර්ධි සහනාදාරයද සතියක් දෙකක් ප්‍රමාද විය හැකි බවද සදහන් කරන ලදී.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාද පාර්ලිමේන්තුවේ සිටින්නේ 1989 සිටය. මේ රට පාලනය කලේ ඔවුන් විනා අසරණ ජනතාව නොවේ. මෙරටට සිටිය යුත්තේ රාජ්‍ය සේවකයන් උපරිම ලක්ෂ 6.5කි. 300 කට එකක් ලෙස සිටිය යුතු රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය මේ වන විට 12කට එකකි. ලක්ෂ 20 කට ආසන්න රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සිටී. මේ තත්වය ඇති වන්නේ 1994 න් පසුවය. ඒ දේශාපාලනයට අවශ්‍ය ලෙස රාජ්‍ය සේවකයන් බදවා ගැනීමය.

1994 සිට මෙම ආර්ථික විනාශය මෙන්ම කෘෂිකර්මාන්තයේ විනාශයද ලියවෙමින් පැවතිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි සාමාජිකයන් සියලුම දෙනාම රට කරන්නේ 1994 සිටය. චන්ද්‍රිකා , මහින්ද, මෛත්‍රී, බන්දුල කියා වෙනසක් නැත. ඔවුන් මේ රට බාරගන්නේ 1994 දීය. 1994 සිටම අගාධයට වැටෙමින් පවතී මෙරට, ජනතාව බැංකු වලටත්, රට පිටරට බැංකු වලටටැහැ නය කිරීමේ දූෂිත, නූගත් දර්ශනය ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ විසිනි. මෙම රට තුල තිබු ඇගලුම් කර්මාන්තශාලා පවා වසා දමන තත්වයට පත්කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. එම යුගයේ මැති ඇමතිකම් කල පුද්ගලයෝ තවමත් යෙහෙන් විරාජමානව සිටිති.

දැන් ඒවා ගැන මෙනෙහි කරමින් සිට හෝ පැරණි ක්‍රම නැවත ඇති කිරීමටවත් ඔවුන්ට දැක්මක් හෝ දැනුමක් නැත. එබැවින් මේ ගමන් කරන්නේ දැවැන්ත විනාශයක් වෙතය. එය නැවැත්වීම සදහා මෙරට පාලක පන්තියට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔවුන් තවමත් කටයුතු කරනුයේ දුගී දුප්පතාගේ කරමතින් ගොස් තමාගේ දේශපාලන බලය රැකගැනීම පමණි.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න

0717538677

Exit mobile version