ජනාධිපතිගෙන් සමාව ගත් විදුලි සභාපතිගේ ලිපිය අන්තර්ජාලයේ සංසරණය වෙයි.

පසුගියදා තමා කෝප් කමිටුවේදී කල ප්‍රකාශය වැරදි බවත්, ජනාධිපතිවරයා තමාට එවැනි නියෝගයක් ලබා නොදුන් බවත් පවසමින් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා එම කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශ කරන ලද්දේ “ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 24 වන දා වගේ මාව ගෙන්වලා කිව්වා. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බල කරනවා මේක දෙන්න කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. එහෙම කියලා මම ලියුමක් ලියලා දැම්මා මුදල් අමාත්‍යංශයේ ලේඛම්ට, මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා කියලා. මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.”

ඔහු එහිදී හිනාවෙමින් කිසිම තැකීමක් නොකර එම ප්‍රකාශය සිදුකල අතර එම අවස්ථාවේ ඔහුගේ වගකීමක් නැති ප්‍රකාශයට සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ  දැඩි අප්‍රසාධයෙනි. ජනාධිපතිවරයා එසේ කීවත් තමන්ගේ රටට අයත් දේවල් වෙනත් රටකට පැවරීමට කටයුතු කරන්නේ නම් මුලින්ම විරුද්ධ විය යුත්තේ ඔවුන්ය.

කෝප් කමිටුව වෙත පිළිතුරු ලබා දෙමින් තම ලිපිය මගින් ඔහු සඳහන්කර ඇත්තේ, “ කෝප් කමිටුවේදී තමා විසින් සිදු කරන ලද පැහැදිලි කිරීමේදී තිබූ පීඩනය හේතුවෙන් තමන් හැඟීම්බර වූ බව ත් එහිදී තමන් සිදු කළ “ඉන්දීය අගමැති බලකර බව කිව්වා” යන ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිසගහත බව ය. නමුත් ඔහු එහිදී පිළිතුරු ලබා දුන්නේ ඉතාම සැහැල්ලුවෙනි. කෙසේ වුවත් තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ත් ඔහු කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බව ත් ඔහු එහි සඳහන් කර ඇත.

ඒ කෙසේ වෙතත් ඔහු මුඅදල් අමාත්‍යංශයේ ලේඛම්ට යැවුවා යයි කියන ලිපියේ කොටසක් සමාජ මාධ්‍ය වල සංසරණය වන අතර එම කොටසට අනුව ඔහු කල ප්‍රකාශය එහි සදහන්ව තිබේ. ජනාධිපතිවරයා එසේ නොකියා ලිපියක එසේ සඳහන් කලේ නම් එය දැඩි වරදකි. නමුත් ලිපියට අනුව නම් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර තිබේ. නමුත් දැන් සභාපතිවරය එසේ කිවේ නැති බව ප්‍රකාශ කරයි. එසේ නම් දැන් වැරදිකරු වන්නේ සභාපතිවරයාය. මේ සංසරණය වන ලිපිය නිවැරදි ලිපියක් නම් ජනාධිපතිවරයා දැන් කල යුත්තේ ඔහුට විරුද්දව නීත්‍යානුකූලව කටයුතු කිරීමයි. කූට ලේඛණ සැකසීම ආදී වගන්තින් වලින් ඔහුට විරුද්දව නඩු පැවරිය හැකිය. 

සභාපතිවරයා යැවූ බවට කියවෙන විවිධ සමාජමාධ්‍ය වල සංසරණය වන ලිපියේ කොටස
Exit mobile version