ජනාධිපතිතුමනි. විශ්‍රාමිකයන්ගේ වැටුප නවත්වලා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කැත වැඩක්.

විශ්‍රාමිකයන් ගණනාවකගේ විශ්‍රාම වැටුප් නවතා තිබෙන පුවතක් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින්ම අපට වාර්තා වේ.

වාර්තාවන ආකාරයට ගෙවමින් තිබු විශ්‍රාම වැටුප් මෙසේ නවතා තිබෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ආයතන මගින් ලබා දී තිබෙන ලේඛන කිහිපයක් නැවතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා ලබා නොදීම හේතුවෙනි.

කෙසේ නමුත් අප සොයා බැලු ආකාරයට එම ලේඛන රැගෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන නීතිමය වශයෙන් පිළිගත හැකි කිසිදු කැඳවීමක් කර නැත. නමුත් ජංගම දුරකතනවලට කෙටි පණිවිඩයක් දී තිබේ. එසේ ලැබුණු පුද්ගලයන් අදාළ ලියවිලි ලබා දී තිබේ. එසේම එසේ කෙටි පණිවිඩද ලබා දී තිබෙන්නේ දින දෙකකට පෙරය. උදාහරණයක් ලෙස හෙට (16) යාමට නම් පණිවිඩය ඒවා තිබෙන්නේ ඊයේ (14) හවසය. එසේම එම දැනුම් දීම් තුල සදහන්ව තිබෙන්නේ ඒකාධිපති ස්වරූපයේ පණිවිඩයකි. එහි සඳහන්වන ආකාරයට නැවත දැනුම් දීමක් නොකරන අතර එය අවසන් දැනුම් දීමවන අතර නැවත කැඳවීමක් හෝ නැත.

අප නිරන්තරයෙන්ම වාර්තා කරනුයේ මෙරට විනාශ කරනුයේ සහ කලේ දේශපාලන අධිකාරිය නොව දූෂිත රාජ්‍ය නිලධාරීන් බවය. පසුගිය සමයේ බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන සිම් කාඩ් පත් අක්‍රීය විය. මොබිටෙල් සිම් මාස ගනනාවක් තිස්සේ නැත. එසේම රට තුල ජංගම දුරකථනවල මිල විශාල ලෙස ඉහල ගොස් ඇති අතර අලුත් වැඩිය සදහා උපාංගද නැත. එසේම සමහර විශ්‍රාමිකයන් විදේශගතව සිටි. කෙසේ නමුත් ජංගම දුරකතනයට පණිවිඩයක් ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප් නැවත්වීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ මෙවැනි රාජ්‍ය නිලධාරීන් තවමත් කටයුතු කරනුයේ මහනජතාව තුට්ටු දෙකට දමමිනි. විශ්‍රාමිකයන්ද බොහෝ දෙනෙකු රට වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකරති. නමුත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සේම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද යැපෙන්නේ මහජන බදු මුදලෙනි.

අප මේ පිලිබදව විමසීම සදහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල නමුත් දුරකතනයට පිළිතුරු දුන් රාජ්‍ය නිලධාරිනිය සදහන් කලේ “ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රැස්වීමකට ගිය ඒ සම්බන්ධව පිළිතුරු දීමට ඔවුන්ට බලයක් නැති බවත්ය”

රට නැවත ගොඩනැගීමට විවිධ උපක්‍රම භාවිතා කරද්දී මෙවැනි ක්‍රියාමාර්ගද වැටෙන්නේ රජයේ ගිණුමටය. මෙවැනි අන්තනෝමතික තීරණ ගැනීමෙන් සිදුවන්නේ රජය තව තවත් අපහසුතාවයට පත්වීමය. ඔවුන්ට අදාළ ලියවිලි අවශ්‍ය නම් කල යුතුව තිබුනේ විශ්‍රාම වැටුප් එක් වරම නැවැත්වීම නොවේ. මාසයකට පෙරවත් ලිඛිතව දැන්වීමය. එසේම නීතියට අනුව අවස්ථා තුනක් එසේ දැන්විය යුතුය. එසේ නොමැතිව, එකාධිපති තීරණ ගැනීමෙන් අරගලය ඇතුළු ඇතුළු විවිධ බලවේග මෙහි චෝදනා එල්ල කරනුයේ ජනාධිපතිවරයාටය. නමුත් වරද කරනුයේ මෙවැනි තක්කඩි තීරණ ගන්නා තක්කඩි රාජ්‍ය නිලධාරීන්ය. අප මෙය දකින්නේ, ජනාධිපතිවරයා පන්නා දැමීමේ කුමන්ත්‍රණයට ජනතාව උසිගන්වන කූට උපක්‍රමයක් ලෙසිනි. මෙසේ විශ්‍රාම වැටුප් අහිමි වූ 500 ක් සිටියහොත් ඔවුන්ද නැගී සිටින්නේ ජනාධිපතිවරයාට එරෙහිවය.

(විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ජායාරූපය අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී)

Exit mobile version