ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාටද මේ වන විට විවිධ දුෂණ චෝදනා එල්ලවෙමින් පවතී. හිටපු ගුවන් හමුදාපතිවරයාද විවිධ වරදාන සහ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සාගල රත්නායක මහතාට විවිධ භාණ්ඩ සහ ආහාර ආදියද නිවසටම යැවීය. ඒවා සාගල විසින් ගෙන්වා ගත්තේද යන්න තහවුරු නොවන නමුත් මහජන මුදල් අවභාවිතා කරමින්, තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් “ජනාධිපති උපදේශකවරු ඇන්දීම” බරපතල අපරාධයක් වන අතර, ඔවුන් “ඇන්දී සිටීම” ඊටත් වඩා අපරාධයකි.
ජනාධිපති රනිල් ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට නැවත හිස එසවීමට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් 85% ක්ම අරගලය සමග සිටි බැවිනි. අරගලයෙන් පසු නායකත්වයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනගනු ඇති බවට සමස්ථ ජනතාවෙන් 75% ක්ම විශ්වාසය පළකලේය. ඔහුට ආශිර්වාද කලේය. නමුත් ඔහු ජනපති වී පැය 24 ක් ගතවීමටත් පෙරම ගාලුමුවදොර සිටි ජනතාවට එල්ල කල ප්‍රහාරයත් සමගම ඔහුට තිබු ජනතා කැමැත්ත 25% ක් පමණ දක්වා අඩු විය. මේ වන විටත් ජනතා කැමැත්ත සීඝ්රයෙන් අඩුවන අතර එය මාධ්‍ය මගින්වත් සැකසිය නොහැක. එය නැවත සැකසිය හැක්කේ ක්‍රියාවෙන් පමණි. මේ වන විට වට්ස් ඇප් ආදී සමුහ මගින් සියලු තොරතුරු ක්ෂණිකව හුවමාරු වේ. විවිධ ඇප් හරහා සිදුවන පණිවිඩ හුවමාරු, රහසිගත පටිගත කිරීම් ආදිය නිසා සාක්ෂි නොමැතිව වුවත් තොරතුරු හුවමාරු වේ. නමුත් එක්ෂත් ජාතික පක්ෂය මෙම තත්වය නිසි ලෙස හදුනාගෙන නැත. එක්ෂත් ජාතික පක්ෂය පමණක් නොව මෙරට කිසිදු දේශපාලන නායකයෙක් එය තේරුම්ගෙන නොමැත. එය තේරුම් ගත්තේ නම් සමාජ මාධ්‍ය නියාමන පනත් රුගෙන එන්නේ නැත.
එවන් පසුබිමක් තුල හමුදාපතිවරු, ලේඛම්වරු ආදිය පත්කරගැනීම සදහා දැනුම් දී හෝ දැනුම් දීමකින් තොරව ඔවුන්ට අල්ලස් ලබා දීම තුලින් සිදුවන්නේ, තමන්ගේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අමාරුවෙන්, කරන ”චෙස් ක්‍රිඩාවෙන්” පරාජයට පත්වීමයි. ඉන් පරාජයට පත්වන්නේ රනිල් පමණක් නොවේ, ඔහු යමක් කරනු ඇතැයි බලා සිටින මෙරටට ආදරය කරන මිනිසුන්ය. රටට ආදරය කරන පුරවැසියන් කිසිවෙකුත් රට නැවතත් බිද වැටෙනවාට කැමති නැත.
සියල්ල එසේ සිදුවෙද්දී “සතිය” වෙබ් අඩවිය වාර්ථා කරනුයේ යුද්ධ හමුදාපතිවරයා සාගලට අල්ලස් ලබා දීමයි. ඒ මහජන මුදලිනි. අදාල පුවත පහලින්.
“යුද හමුදාවේ පරිපාලන ප්‍රශ්න රුසක් ඉතිරිව තිබියදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුමි ලියනගේගේ ප්රමුඛ රාජකාරිය වී ඇත්තේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායකට හාල් සැපයීම බව “සතියට” වාර්තා වේ.
මෙසේ යුද හමුදාපතිවරයා සාගල රත්නායකගේ දේශපාලනය අවශ්‍යතා සඳහා හාල් සපයන්නේ තමන්ට කන්න තිබෙන හාල් බව සෙබළු චෝදනා කරති. පසු ගිය කාලේ යුද හමුදාව විසින් කෘෂිකර්ම හා පශු සම්පත් යනුවෙන් බළකායක් ආරම්භ කර වසවිස නැති ගොවිතැන් කටයුතු ඇරැඹුවේ සෙබළුන්ට අවශ්‍ය හාල් ,එලවළු හා පළතුරු සපයා ගැනීමටය.
එනමුත් යුද හමුදාපතිගේ නියෝගයෙන් එම ද්‍රව්‍ය තෝරා ගත් පිරිසකට පිරිනමන බවත් මාතර ගංවතුර කියමින් එහි ජනතාවට දීමට සාගල රත්නායකට හාල් කිලෝ දස දහසක් දී ඇති බව සඳහන්ය. යුද හමුදාපති මෙසේ සාගල රත්නායකට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔහු ලවා ජනපතිගෙන් තවත් හය මසක සේවා දිගුවක් ගැනීමටදැයි. හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් අතර කතාබහක් ඇති වී තිබෙි.
සාගල මින් පෙර පාර්ලිමේන්තුවට පත්වුණේ මාතරින් වන අතර ඔහුගේ ගම මාතරය. තමා නියෝජනය කරන දිස්ත්‍රික්ක කිපයක් හදිසි ආපදා තත්ත්වයක් තිබියදී යුද හමුදාපති මාතරට පමණක් ගියේ සාගල මාතර නිසාදැයි දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව තිබේ
යුද හමුදාපතිවරයා මාතරට බෙදන්නට හාල් දුන්නට සාගල රත්නායක මිළඟ මහ මැතිවරණයට තරග කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව එජය ආරංචි මාර්ග සඳහන් කරයි”.