ජනාධිපති  පරීක්ෂණ කොමිසන් සභාවේ සාක්ෂි විමසීම ඇරඹීමට නියමිතව ඇත.

පෙබරවාරි මස 28 වනදා දූෂණ මර්දන කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදුකළා යැයි පවසන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම සාක්ෂි විමසීම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලාවේ දී උදෑසන 10.30ට ආරම්භ කිරීමට තිරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.

2021 වර්ෂයේ ජනවාරි මස 28 වනදා 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි ජනාධිපතිවරයා විසින් එම කොමිෂන් සභාව පත්කර ඇත.

Exit mobile version