ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි

අද (28) දිනයේ ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ආදළ රැස්වීම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද ඊට ආරාධනා කර ඇත.

එහිදී යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු කිහිපයත් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද පස්වරු 5.30ට අදාළ රැස්වීම පැවැත්වීම නියමිතව ඇත.

Exit mobile version