ඊයේ දින දිවයින පුවත්පත වාර්තා කර තිබු ඩීසල් බවුසර් 12ක් මුදා හැරීමට කොමිස් මුදල් ලබාගත් ජනාධිපති පෞද්ගලික කාර්යය මණ්ඩල නිලධාරියා වන්නේ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර සේනාධීර මහතා බව අනාවරණය වේ.
එහිදී අඹතලේ ප්රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හලකට අඛණ්ඩව ඩීසල් සැපයීමට කොමිස් මුදල් ගෙන බලපෑම් කොට තිබෙන අතර ඉන්දියානු ණය යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙලෙස ඔහු ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකුගේ බිරිඳට අයත් ඉන්ධන පිරවුම් හලකට සැපයීමට ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට බලපෑම් කොට තිබේ .
පසුගිය දින කිහිපයක් තුළ අදාළ ඉන්ධන හලට විශාල ඩීසල් බවුසර් අටක්ම සැපයීමට මෙම නිලධාරියාගේ බලපෑම් හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ට සිදුව ඇති අතර මේ වනවිට තවත් ඩීසල් බවුසර් හයක් එම ඉන්ධන හලට ලබාදීමට නියමිතව තිබෙන බවද අනාවරණය වේ.