මෙරට ජනමාධ්‍ය දිරිමත් කිරීම උදෙසා යෝජනා කරන ලද ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල තෝරාගත් ඛාණ්ඩ හයක් යටතේ පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව රූපවාහිනි, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍ය, වෙබ් අඩවි, පාසල් මාධ්‍යය, හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්රයන් ආවරණය වන පරිදි සිංහල,දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම කැටි කරගනිමින් කරන ලද 2021 වර්ෂයේ නිර්මාණයන් සඳහා මෙම සම්මාන ලබාදීමට තීරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පවත්වන දිනයක් පිළිබඳව හෝ ඒ සම්බන්ධ අයදුම්පත් කැඳවීමක් පිළිබඳව මේ වන තෙක් තීරණ ගෙන නොමැති බව ද වාර්තා වේ.