ජනාධිපති මැදුරේ කංසා සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති මන්දිරය තුලදී ගංජා සහිත කුඩා පාර්සලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි සේවයේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අද උදෑසන කාලයේ රාජකාරියේ නිරතව සිටියදී ජනපති මන්දිරයේ පිහිණුම් තටාකය අසල
සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරීක්ෂා කර තිබෙනවා.

එම සැකකරු සන්තකයේ තිබී ගංජා සහිත කුඩා පාර්සලයක් යොසායෙගන ඇති අතර එම පුද්ගලයා
වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලිසියට ඉදිරිපත් කෙරුණා.

සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන තිබේ.

Exit mobile version