සාහසික අපරාධ දුර්ලභ ජපානයේ ටෝකියෝ මගී ප්‍රවාහන දුම්රියකදී, පුද්ගලයෙකු පිහියකින් පහර දී 10 දෙනෙකුට තුවාල සිදු කළේය. 36 හැවිරිදි පුද්ගලයෙකු වන සැකකරු පොලිසියට පවසා ඇත්තේ “සතුටින් “ සිටින කාන්තාවන් දැකීමෙන් තමන් කෝපයට පත් වූ බවත් ඔවුන්ව මරා දැමීමට තමන්ට අවශ්‍ය වූ බවය.
ඔලිම්පික් උළෙල පැවැත්වෙන ටෝකියෝවේ ආරක්ෂාව තර කර තිබෙන අතර මෙම ප්‍රහාරයෙන් එක් පාසල් සිසුවියක් බරපතල තුවාල ලබා ඇත.
මැදිරියේ ඇසුණු ශබ්දය නිසා රියදුරු දුම්රිය හදිසියේම නැවැත්වූ අතර සිකුරාදා 20.40 ට (බීඑස්ටී 11.40 ) ට පමණ සීජෝගකුන් දුම්රිය ස්ථානය අසලදී මෙම පහර දීම සිදුව තිබේ.
ජපානයේ සිටින අප වාර්තාකරු දන්වා සිටියේ එම සැකකරු මුලින්ම පලා ගොස් ඇති බවත් දුම්රිය කාර්ය මණ්ඩලය , දුම්රියෙහි සිටි මගීන් ලඟම ඇති දුම්රිය ස්ථානය වෙත වෙත ගමන් කිරීමට මග පෙන්වා තිබෙන බවය.
බීබීසී පුවත් සේවය පවසන්නේ කාර් රථයක සිට තවත් කාර් රථයකට පලා ගිය මිනිසුන් එක් වරම මෙම සැකකරු වෙත දිව යාමට පටන් ගත් බව එක් සාක්ෂිකරුවෙකු එන්.එච්.කේ පුවත් සේවයට පැවසු බවය.
ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිසිය අද අලුයම තහවුරු කර ඇත්තේ එම සිද්දිය පිලිබදව එක් පුගලයෙකු අත් අඩංගුවට ගත් නමුත් එම අත් අඩංගුවට ගත පුද්ගලයා පිලිබදව වැඩි දුර තොරතුරු ලබා නොදුන් බවය.
තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇත. ලොව තිබෙන ආරක්ෂිතම රටක් වන ජපානයේ 2019 දී පමණ කවාසාකි හි බස් රථයක් එන තෙක් බලා සිටි පුගල්යෙකු එහි සිටි සිසුන් පිරිසකට පහර දුන් අතර දෙදෙනෙකු මිය ගොස් 18 දෙනෙකු එහිදී තුවාල ලැබීය.