අද (25) පෙරවරුවේ ජපාන තානාපති සුගියාමා අකිරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමුව ඇත.
මේ වන විට ජපාන තානාපති සිය සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙහිදී ජනපති විසින් ජපාන තානාපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා විවිධාකාරයෙන් ලබාදුන් සහයෝගය ඇගයීමට ලක් කළ අතර එහිදී විශේෂයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ජපාන රජයෙන් ලබා ගැනිම ආදී කටයුතුවලදී ඔහු මහත් සහයෝගයක් දක්වා තිබුණි.
එහිදී ජපාන තානාපතිවරයා විසින් දෙරට අතර පවත්නා දිගුකාලින මිත්‍රත්වය ශක්තිමත් කරමින්, අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට තමන් උත්සහ දරන බවයි සඳහන් කළේ.
ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.