ජපුර විශ්වවිද්‍යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය ආරම්භය පිළිබඳ සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2022 ජනවාරි මස 01 වනදා නව අධ්‍යන වර්ෂයේ ආරම්භය සිදුවීමට නියමිතව ඇත.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට 2020 උසස් පෙළ ප්‍රතිඵල මත ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන 2022 ජනවාරි මස 01 සහ 02 යන දිනයන්හි මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා අශ්‍ය තොරතුරු සඳහා http://fhss.sjp.sc.lk යන පීඨ වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

2022 වසරේ ජනවාරි මස 03 වනදා සියලුම වසරවල සිසුන් සඳහා දේශන ආරම්භ වීමට ද නියමිත බව නිවේදනයේ දැක්වේ.

Exit mobile version