ජයවර්ධනපුර සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලැබූ 21 හැවිරිදි සිසුවෙකු වීරවිල වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ඊයේ (17) මියගොස් තිබේ.
අදාල සිසුවාගේ සිරුර එදින රාත්‍රියේදී සොයාගෙන ඇති අතර මිය ගොස් ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමටවැල්හින්න ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලීසිය සදහන් කරයි.
මිය ගිය සිසුව හා එම සරසවියේ ශාස්ත්‍ර පිඨයේ තවත් සිසුන් 30ක් පමණ පිරිසක් දෙබරවැව ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී දිය නෑමට ගිය අවස්තාවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ
මෙම මරණය සම්බන්ධව පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.