ජයන්ත කැටගොඩගේ නිවස ගිණි තැබූ තරුණයා අත්අඩංගුවට

ඉකුත් මැයි මස 09 වන දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වූ පිරිසක් එම රැස්වීම අවසන් වූ පසු ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුපිත වූ රට පුරා ජනතාව නිසා එදින යම් කළහාකාරී තත්වයක් රටතුළ නිර්මාණය විය.

මේ තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් පවා ගිණි තබා විනාශ කිරීමට එම පිරිස් කටයුතු කර ඇත.

කෙසේ වෙතත් එම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මාලබේ පිහිටි නිවසට පහර දී අලාභහානි සිදු කළ සැකකරුවෙකු කොළඹ දකුණු අපරාධ කොට්ඨාශය මඟින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාලබේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

කෙසේ නමුත් සිද්ධියට අදාළ පුද්ගලයින් මේ වන විට විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවත් සිද්ධියට මුල් වූ පුද්ගලයින්ට තවමත් කිසිඳු දඬුවමක් හිමි නොවීම ප්‍රශ්නාර්ථයට කරුණකි.

Exit mobile version