ජයන්ත කැටගොඩ ගේ නම මැතිවරණ කොමිසමට යෝජනා වෙයි

අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිසමට ලිපි ලේඛන භාර දී ඇත.

එම ලිපි ලේඛන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් භාර දී ඇත.

අද පස්වරුවේ , රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම මන්ත්‍රී ආසනය හිස් වී ඇත.

Exit mobile version