මීට සුළු මොහොතකට පෙර ජයන්ත කැටගොඩ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.
පෙරවරු 10.00 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර සභාවේ ප්රථම කටයුත්ත වශයෙන් ජයන්ත කැටගොඩ මහතාගේ දිවුරුම්දීම සිදුකෙරුණි.
ජයන්ත කැටගොඩ මහතා එලෙස දිවුරුම් දී ඇත්තේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ මන්ත්රී ධූරය වෙනුවෙන් ය.
ජයන්ත කැටගොඩ මහතා මෙලෙස සභාවාරයේ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන දෙවන අවස්ථාව මෙයයි.