නාවික හමුදාවට අයත් ජයසාගර නෞකාව දශක හතරකට ආසන්න කාලයක් පුරාවට සමුද්‍රිය ආවේක්ශණ නෞකාවක් ලෙස නාවික හමුදාව විසින් භාවිතයට ගත් අතර ඊයේ දිනයේ දී එය සේවයෙන් ඉවත් කර තිබෙනවා.
නාවික හමුදාව විසින් සාම්ප්‍රදායානුකූලව නෞකාවට උත්තමාචාරය පූදකිරීම ඊයේ දිනයේ දී ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ දී සිදු කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙනි.
වසර ගණනාවක් පුරාවට නාවික හමුදාවේ ක්‍රියාන්විත ගණනාවකට සහය ලබා දුන් මෙම නෞකාව ,නාවික හමුදා සේවයට සමු දීමෙන් පසු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බව සඳහන් වේ.