ජයි­ස්වා­ල්ගෙන් හොඳම ඉනිම

KATUNAYAKE, SRI LANKA - AUGUST 29: Seth Rance of New Zealand celebrates with team mates after won the match during the T20 Tour match between Sri Lanka Board President's XI and New Zealand at Marians Cricket Club Ground on August 29, 2019 in Katunayake, Sri Lanka. (Photo by Buddhika Weerasinghe/Getty Images)

යසස්වි ජයි­ස්වාල් ක්‍රියා­ත්මක කළ සිය ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම හේතු­වෙන් සංචා­රක එංග­ලන්ත කණ්ඩා­ය­මට එරෙ­හිව ඊයේ විශා­කා­ප­ට්න­ම්හිදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තර­ගයේ පළමු ඉනිම වෙනු­වෙන් කඩුලු 6ක් දැවී ලකුණු 336ක් රැස් කිරී­මට ඉන්දීය කණ්ඩා­යම සමත් විය.

පළමු දින­යට තර­ගය නතර කරන විට ජයි­ස්වාල් ලකුණු 176ක් සහ රවි­ච­න්ද්‍රන් අශ්වින් ලකුණු 5ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. පන්දු 257කට මුහුණ දුන් ජයි­ස්වාල් හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් එල්ල කළ අතර, ඊයේ ඔහු වාර්තා කළේ සිය දෙවැනි ටෙස්ට් ශත­ක­යයි. මින් පෙර ඔහු පසු­ගිය වසරේ කොදෙව් පිලට එරෙ­හිව ලකුණු 171ක් රැස් කර තිබිණි.

කෙසේ වෙතත් දැවී ගිය ඉන්දීය පිති­ක­රු­වන් 6 දෙනා අතු­රින් ශුබ්මන් ගිල් රැස් කළ ලකුණු 34 ඉහ­ළම ලකුණු සංඛ්‍යාව විය. නායක රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 14කට සීමා විය. ඊයේ ඉන්දි­යාව වෙනු­වෙන් ටෙස්ට් වරම් ලැබූ රාජත් පටි­දාර් ලකුණු 32ක් රැස් කළ අතර, අක්සර් පටෙල් සහ ශ්‍රෙයාස් අයි­යර් ලකුණු 27 බැගින්, ශ්‍රීකර් භාරත් ලකුණු 17ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී රෙහාන් අහ­මඩ් සහ ඊයේ ටෙස්ට් වරම් හිමි කර ගත් ෂොයිබ් බෂීර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

අද තර­ගයේ දෙවැනි දින­යයි.
(දිනමිණ )

Exit mobile version