ජලභීතිකාව ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාමේ ආධානමක් .

පසුගිය කාලවල ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වූ නිසා ජලභීතිකා රෝගය පාලනය සහ එයින් සිදු වන මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන ලදී. නමුත් කොවිඩ් 19 සහ ඉන්ධන ගැටලුව නිසාත් එන්නත් හිගය නිසාත්   මේ වන විට ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බව එතුමා සදහන් කරන ලදී.

එම නිසා ඉදිරි දිනවල රට පුරා ජලභීතික රෝගය සීග්‍රයෙන් පැතිර යාමේ අවධානමක් සහ ජලභීතික මරණ විශාල වශයෙන් වාර්තා වීමේ අවධානමක් පවතින හෙයින් ජනතාවට සුනඛ සපාකෑම්වලින් හැකිතාක් දුරට වැලකි සිටින ලෙසත් සැක සහිත සුනඛ සපාකෑමක් සිදු වුවහොත් ළගම පිහිටි රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත්  මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version