ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල, නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන වල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එමෙන්ම අදාළ ඉන්ධන තොගය රැගෙන ගියා යැයි සඳහන් කළ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයද කොළොන්නාව අංගනය වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදු කරන බවත් සංස්ථාව පවසනවා.
අදාළ බවුසරය නාරම්මල පිරවුම්හල වෙත යාමට ප්‍රථම දඹදෙණිය ප්‍රදේශයේ පිරවුම්හල් දෙකකට 92 ඔක්ටේන් පෙට්‍රල් රැගෙන ගොස් ඇති එම පිරවුම්හල් 2 ආශ්‍රිතව සිදුකර ලද පරික්ෂණ වලදී ඉන්ධන වල කිසිඳු ගැටලුවක් වාර්තා වී නොමැති බවයි සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.