ජලාශ වල ජල මට්ටම ඉහළට

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශනි විදානපතිරණ පැවසුවේ පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 18ක් වාන් මට්ටමේ පවතින බවයි.

වාර්තා වන ආකාරයට දිවයින පුරා ජලාශවල ජල මට්ටම 50%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි අට ලක්ෂය ඉක්මවා ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවද ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ

Exit mobile version