ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂා කරන කමිටුව යළි සක්‍රිය කෙරේ

පරිසර අමාත්‍යංශය විසින්, ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා පත්කරන ලද අන්තර් අමාත්‍යංශ කමිටුව යළි සක්‍රීය කිරීම සඳහා තීරණය කර ඇත.

මෙම කමිටුව ඉඩම් අමාත්‍යංශය විසින් පිහිටුවන ලද අතර ඊට ප්‍රධාන අමාත්‍යංශ ඇතුළු ආයතන 23ක් ඇතුළත් කර ඇත.

පරිසර අමාත්‍යංශය සඳහන් කළේ මෙමගින් ස්වභාවික ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට සුරකිමු ගංඟා වැඩසටහන යටතේ විශාල දායකත්වයක් දක්වා ඇති බවයි.

වර්තමානය වන විට මෙරට ජල මූලාශ්‍ර විනාශවී යාමේ අවදානමකට ලක්ව ඇති අතර එම අවානම මැඩ පැවැත්වීමට මෙම කමිටුව යළි සක්‍රීය කළ යුතු බවයි එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ.

Exit mobile version