ජල සම්පාදන මණ්ඩලයට කෝටි 1450ක පොල්ලක්.

රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර ඇති බව වාර්තා වේ.

මෙම හිඟ මුදල් වහාම ගෙවන ලෙසට මණ්ඩලය එම ජල පාරිභෝගිකයන්ට දැනටමත් දැනුම් දී තිබේ.

ජල බිල් ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් රැසකගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බව වාර්තා වේ.

 මේ අතර ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ජල පාරිභෝගිකයන් ජල බිල්පත් කලට වේලාවට ගෙවීම මගහරින තත්වයක් පෙනෙන්නට ඇති බවට මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

Exit mobile version