ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කහපොල සුගතරතන හිමිට පහරදුන්නැයි දෙදෙනෙක් අත්අඩංගුවට

පාණදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පාණදුර දකුණ පොලිසිය පවසයි. විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උන්වහන්සේගේ සොහොයුරියකගේ ස්වාමී පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයා බව ද පොලිසිය සඳහන් කරයි. නායක හිමියන් වැඩසිටින පානදුර රන්කොත් විහාරස්ථානයට ඊයේ (10) පැමිණි සැකකරුවන් උන්වහන්සේට පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පවුලේ පෞද්ගලික ගැටුලුවක් මත දෙපාර්ශ්වය අතර ආරවුල සිදුව ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. විහාරාධිපති හිමියන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

උන්වහන්සේ පසුගිය කාලසීමාවේ අසනීපයෙන් පසුවූ බව ද වාර්තාවේ. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්ව- ය්දිිනමිණ

Exit mobile version