ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දෙකකින් ඉවත්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලි වන, 2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලිය හා අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ , වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීම හා අදාළ තරගාවලින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉවත්කර ඇති බවයි.
එම සම්මේලනය මෙම තීරණය ගෙන ඇත්තේ ජනවාරි මස 21 වනදා සිට නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමේ තීරණයට අනුව බවයි වාර්තාවන්නේ.