ජනතාවගේ උන්නතිය වෙනුවෙන් පියවරක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ආණ්ඩුවට සහය දක්වනවා මිස ආණ්ඩුවේ තනතුරු අපේක්ෂාවෙන් හෝ තනතුරු භාරගෙන කටයුතු නොකරන බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ගැටලුවක් නොමැති බවත් එහි ඇතුළත් කර ඇති කරුණු පිළිබඳවත් ජනතාවට දැනුම්දෙන ලෙස ද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.
මේ අතර ආණ්ඩුව විසින් ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කරන ලද කිසිදු එකඟතාවයක් පිළිබඳව මේ වන තෙක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැති බව ද සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන ආගමික ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක සදහම් යාත්‍රා තෙවන වැඩසටහන පසුගියදා දඹදෙනිය ආසනයේදී පැවති අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.