ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය මෙහෙයුම

මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07 දෙනෙකු සමග ශ්‍රී ලංකාවයට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපයක් තුළ දී කරන ලද මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට එම විදේශ ජාතික සැකකරුවන් 07 දෙනා සහ ධීවර යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරායට රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙම මත්ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Exit mobile version