ජාතික ආරක්ෂාව අනතුරක. අංක තහඩු වෙනස් කළ හමුදා වාහන කඳවුරුවලින් එලියට.

යුද හමුදාවක රදා පැවැත්ම විනය මත සහ මනාව සැකසූ නීති රාමුවක් තුල ක්‍රියාත්මකවීම තුළින් සිවිල් සමාජය සමග ගැටීමකින් තොරව සමතුලිත සමාජීය පරිසරයක මිලටරි රාජකාරි ක්‍රියාත්මක වේ.

අවි ආයුධ සමග ඉටු කරනු ලබන රාජකාරි ස්වභාවය සමාජයට අහිතකර නොවන ලෙස ඉටු කිරීම මෙහි සාධනීය අරමුණක් ලෙස අප දකින්නෙමු.

හුදෙක් එම හේතූන් මත යුද හමුදාවෙහි විනය කඩ කරන්නන් හට ආදර්ශමත් දඩුවම් 1949 අංක 17 දරන යුද හමුදා පනතින්ම හිමි ගන්වනු ලබන්නේ එතුලින් අනෙකුත් සාමාජිකයන් හට ද පූර්වාදර්ශයක් ලබාදීම අරමුණු කොට ගනිමිනි.

පොතපතට පමණක් සීමාවී සැබැවින්ම එසේ නොවීම අභාග්‍යසම්පන්න මෙන්ම අති භයානක තත්ත්වයක් ලෙස අර්ථ ගැන්විය හැක. මක්නිසාදයත් හමුදා වලින් ලබා දෙනු ලබන පුහුණුව තුළින් සාක්ෂි නොමැතිව අපරාධ සිදු කිරීමට ලැබෙන පන්නරය මෙන්ම දෑතට ලැබෙන ගිනිඅවිය හොඳ නරක හඳුනන්නේ නැති යකඩ කෑල්ලක් වීමමය.

පසුගිය දිනකදී SL. දේශය යූටියුබ් නාලිකාවේහි දර්ශන හදුන්ගොඩ මහතා සහ එක්සත් රණවිරු සංවිධානයෙහි කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා ප්‍රබල අනාවරණයන් සිදුකරමින් පලවන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායෙහි අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි විසින් යුධ හමුදා අංක තහඩු වෙනස් කරමින් සුදු වෑන් රථයක් සහ යතුරුපැදියක් සැකසහිත අයුරින් අවභාවිතා කිරීම පිළිබඳව දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් මෙන්ම බලධාරීන් දැනුවත් කළද මේ වන තෙක් එම තොරතුරු සම්බන්ධව යුධ හමුදා විසින් කිසිදු සොයා බැලීමක් හෝ පරීක්ෂණයක් නොකර සිටීම සැකසහිතය.

මේ අනුව ඉකුත් මැයි මස 29 වන දින මේජර් ප්‍රසන්න වන්නිආරච්චිගේ උපදෙස් පරිදි යු හ 0117 දරන සුදු පැහැති වෑන් රථය WP CDM 0161 ලෙස අංක තහඩු වෙනස් කර අල්ල කන්තලේ යුධ හමුදා කඳවුරේ සිට කොළඹ දක්වා ධාවනය කර සිවිල් අංක තහඩු සහිතව කොළඹ ප්‍රදේශයේ දින 10ක කාලයක් ස්ථානගත කර සිදුකරනු ලැබූ රහස් මෙහෙයුම් අපරාධ හෝ වෙනත් අකටයුතුකම් මොනවාදැයි සොයා බැලිය යුතු නොවේද ?

එසේම යු හ 11587 අංක තහඩු සහිත යතුරුපැදිය තත් නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චිගේම උපදෙස් ප්‍රකාරව ජූනි මස 24 වැනි දින ව්‍යාජ අංක තහඩු සවිකර දියතලාව හමුදා කඳවුරෙන් පිටත්කර ජුනි මස 25 වන දින කන්තලේ හමුදා කදවුර වෙත පැමිණ ඇති අතර මේ පිළිබඳ අනාවරණය වීමත් සමග ජුනි මස 29 දින රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සවිකර යතුරුපැදිය යළිත් දියතලාව යුධ හමුදා ගොවිපලට පිටත්ව හැර තිබේ.

සැක උපදවන මෙම යුධ හමුදා වාහන අවභාවිතාවන් මගින් අපරාධයන් දැනටමත් සිදුවී ඇති නම් නීතිය ඉදිරියේ එවන් අපරාධ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිද මෙම අණදෙන නිලධාරිවරයා විසින් ඉතිරි නොකරම මෙම වාහන කඳවුරෙන් පිටතට යාම පිළිබඳව කිසිදු සටහනක් හමුදා පිළිවෙතට අනුව සිදු නොකිරීම ප්‍රශ්න සහගතය.

එදා මෙදා තුර යුද හමුදාවේ සිදුවූ විශාලතම සෙබල ආහාර මංකොල්ලයේ මහමොළකරු ලෙස නම් කෙරුණු මෙම කුප්‍රකට මේජර් ප්‍රසන්න වන්නිආරච්චි යුද හමුදාපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ තැනැත්තෙකු බැවින් ආහාර මංකොල්ලයද යට ගසමින් නැවතත් ඔහු හමුදාපති නියමයෙන් අණදෙන නිලධාරී තනතුරට පත් කිරීමේ ආනිසංස මේ අයුරින් අත් විඳීමට හැකිවීම අරුම පුදුම නොවේ.

දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නාදුනන තුවක්කුකරුවන් විසින් සිදු කරනු ලබන පුද්ගල ඝාතන පැහැරගෙන යෑම වැනි අපරාධ වල සංඛ්‍යාත මය ඉහල යාමක් සහ බිහිසුණු භවය අණදෙන නිලධාරීන් මේජර් ප්‍රසන්න වන්නිආරච්චි සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ සැකය තව තවත් තීව්‍ර කරන්නක් විය .

අප පෙර සඳහන් කළ පරිදි යුද හමුදාවේ යමෙකු යම් වරදක් සිදු කර තිබෙන බව පැහැදිලිව පෙනෙන සියලු අවස්තාවලදී යුධ හමුදා පනත් මගින් දඬුවම් ලබාදිය යුතුමය. නමුත් අවස්ථාවන්හි හැඳුනුම්කම් මත ගෝඩ් ෆාදර්ලා විසින් එසේ කිරීම පැහැර හැර කළ සමස්ත සමාජයටම ඔහුන් වැන්නවුන් පිළිලයන් වන්නේය. වැරදිකරුවන්ට දඩුවම් නොදීමෙන් කනගාටුවට පත්වන සුවිශේශී හමුදා නිලදාරීන් ඒවා මාද්‍යයට දෙන්නේ තම ආයතනය සුරක්ශා කරගත යුතු බැවිනි.

අපගේ මුහුනු පොතේ පිටුවට පහතින් එකතුවෙන්න.

https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

Exit mobile version