අද (20) ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370ක් අහිමි වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
සපුගස්කන්ද සහ යුගදනවි යන බලාගාර ඉන්ධ නොමැති වීම හේතුවෙන් අක්‍රිය වීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇත.
මේ වන විට වාර්තා වී ඇත්තේ එම හිඟය අද දහවල් කාලයේ දී ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්‍රී කාලයේ විදුලි සැපයුම සඳහා මෙම තත්ත්වය බාධාවක් විය හැකි බවයි.
ඊයේ (19) දිනයේ විදුලි ඉල්ලුම සති අන්තයේ දී වුවද මෙගාවොට් 2,470ක උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇත.
පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ වුවත් ඉන් 76%ක්ම ගල් අඟුරු ඇතුළුව තාප බලාගාරවලින් සම්පූර්ණ කර ගන්නා ලද අතර ජල විදුලි නිෂ්පාදනය 22% දක්වා අඩු වී ඇති බව ද වාර්තා වේ.
මේ වන විට දැවිතෙල් මෙන්ම ඩීසල් ද යොදා ගනිමින් විදුලිය ජනනය කළ හැකි කෙරවලපිටිය යුගදනවි බලාගාරය මේ වන විට අක්‍රිය වී තිබෙන අතර එයින් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමිව ඇත.
එමෙන්ම අද පෙරවරුවේ දැවිතෙල් සංචිතය අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද A හා B යන බලාගාර යළි අක්‍රීය වී ඇති අතර ඉන් මෙගාවොට් 100ක් පද්ධතියට අහිමිව ඇත.
ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370ක් මේ වන විට අහිමි වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.