“ජාතික රෝහලේ විදුලි විසන්ධියෙන් අඩාල වූ MRI යන්ත්‍ර නඩත්තු කර නෑ”වෛද්‍ය වෘත්තීන්ගේ ඒකබද්ධ බල මණ්ඩලය කියයි.

පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදු වූ විදුලි විසන්ධිය හේතුව නිසාවෙන් ජාතික රෝහලේ බිඳවැටීමට ලක්වූ බාහිර රෝගී අංශයේ MRI ස්කෑන් යන්ත්‍රය සහ අපස්මාර ඒකකයේ DSA යන්ත්‍රය යළි ක්‍රියාකාරීත්වයට පත් කර ඇත.

නමුත් එසේ බිඳ වැටීමට ලක්වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කිරීමක් කර නොමැති බවත් එනිසාවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට සේවාවන් සැපයීමේ දී ගැටලුකාරී තත්වයකට මුහුණ පෑමට සිදුව ඇති බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
Exit mobile version