ඉහළ යන ජීවන වියදම හමුවේ සේවක වැටුප් ද අවම වශයෙන් රු.10,000 කින් ඉහළ දමන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුක්තව ජනාධිපතිතුමන් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ,වතු සහ පෞද්ගලික යන සියලුම අංශයන්ගේ වැඩකරන ජනතාවට ඉහළ යන ජීවන වියදම් හමුවේ ජීවත් වීමට සරිලන පරිදි වැටුප් වැඩි කරන බවට පොරොන්දුවක් ලබා දී මේ වන විට වසර 02ක් පමණ වුවත් මේ වන තෙක් එය සිදුව නොමැති බවයි.
මැතිවරණ කාලයේ දී මෙවැනි පොරොන්දු ලබා දෙමින් ජනතාවගේ ඡන්දය ලබාගත්ත ද පසුව ඒ සියල්ල අමතක කර දමා ඇත.
එමෙන් ම මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව සීඝ්රයෙන් ඉහළ යෑමට ඉඩ හැරීම තුළින් රජය කෙරෙහි බලවත් විරෝධයක් මෙන් ම අප්‍රසාදයක් ද පවතින බවයි ඔවුන් මෙම ලිපිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ.