ජාතික වැටුප් කොමිසමට වෘත්තීය සමිතීන්ගෙන් යෝජනා රැසක්

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම උදෙසා වෘත්තීය සමිතීන්ගෙන් ලැබුණු යෝජනා සියල්ල ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් සමාලෝචනය කිරීමට තිරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික වැටුප් කොමිෂන් සභාවක් පත්කරන ලද්දේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකස් කිරීමටත්, එය ක්‍රියාත්මක කිරීමටත්, රජයට උපදෙස් ලබා දීම සහ සහාය වීම සඳහා ය.

ඒ අනුව පසුගිය දා ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින් අදහස් හා යෝජනා විමසා ඇති අතර ඊට අදාළව වෘත්තීය සමිති විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.

වැටුප් කොමිෂන් සභාව විසින් මෙම ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සියල්ල සමාලෝචනය කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version