අද (07) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන 37 දෙනෙකුගෙන් සමන්විත “ජාතික සභාව” ට එකඟත්වය හිමිව ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව රට තුළ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් “ජාතික සභාව” පිහිටුවීම පිළිබඳව තීරණය කිරීමට අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ.
එහි දී පත් එකඟතාවයට අනුව කථානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරණ අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්ව ඇත.
ඒ අනුව ජාතික සභාවේ , පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයින් ද ඇතුළුව සම්පූර්ණ සාමාජිකයින් සංඛ්‍යාව 37ක් වශයෙන් වාර්තා වේ.
අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එකඟත්වය පල කර ඇත.