තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සංවිධානය විසින් අද (03) දිනයේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර ඇත.
ඒ අනුව අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට ආදාළ විරෝධතාවය සංවිධානය කර ඇති බවයි විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ.
එමෙන් ම වරාය ඉදිරිපිට, කොළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිට සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉදිරිපිට ආදී වශයෙන් මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇත.