ජාතික හැඳුනුම්පතත් ගණන් උස්සයි.

නොවැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

අදාළ නව ගාස්තු සංශෝධනයට අනුව පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ දී රු.200ක ගාස්තුවක් ගෙවිය යුතුව ඇති බවත්, ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබා ගැනීම සඳහා රු.1000ක ගාස්තුවක් ගෙවිය යුතු බවත් ය.

එමෙන්ම ජාතික හැඳුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරීම සඳහා රු.500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම  සඳහා රු.200ක මුදලක් ද අය කෙරෙන බව අදාළ සංශෝධනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Exit mobile version