ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා තිබූ අතර එය එළඹෙන 25 වනදා සිට නැවත් ආරම්භ කිරීමට නියමිතව ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමීන් දැනුම් දී ඇත.
එක්දින සේවාව පවත්නා කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නා ඉල්ලුම්කරුවන් සඳහා ලබාදෙන බවයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරන්නේ.
සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනිම සඳහා මේ වන විට අංක වෙන්කරගන්නා ලද ඉල්ලුම්කරුවන් සඳහා ද නියමිත දිනයේ දී දෙපාර්තමේන්තුව වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ හැකියාව ඇති බව ද අදාළ නිවේදනයේ දක්වා ඇත.
අදාළ නිවේදනය පහතින්,