කෝටි ගණනක මූල්‍ය වංචා සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුන තිලිණි ප්‍රියමාලිගේ වංචාවලට සම්බන්ධ බවට සැකකරමින් ජානකී සිරිවර්ධන එළඹෙන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඇය අද (05) දිනයේ අලුත්කඩේ අංක 03 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව අධිකරණයේ දී ජානකී සිරිවර්ධන වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් විසින් ඇය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විසින් නියෝග ලබා දී ඇත.
ඊයේ (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජානකී සිරිවර්ධන අත්අඩංුගවට ගැනීමට කටයුතු කරන ලදී.
ඇය එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට ආධාර අනුබල ලබා දුන් බවට එල්ලව ඇති චෝදනාවලට අනුවය.