කාගා සහ මුරසාමේ යන ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂණ බලකායට අයත් විශාලතම නෞකාව වන මෙම නෞකා කොළඹ වරායට මේ වන විට සේන්දු වී ඇති අතර අදාළ නෞකා මෙරටට පැමිණ ඇත්තේ දින දෙකක නිල සංචරයක් සඳහා බවයි සඳහන් කළේ.
ජපාන තානාපති කාර්යාල සඳහන් කළේ මෙම නෞකා ජපාන සමුද්‍රිය ස්වයං ආරක්ෂණ බලකායේ ඉන්දු – ශාන්තිකර ස්ථානගත කිරීමේ ඒකකයේ සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති බවයි.
එම නෞකා එළඹෙන 04වන දා දක්වා මෙරට තුළ රැඳී සිටින අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයකද නිරතවීමට නියමිතව ඇත.