ජා.ජ.බ. “විරෝධය කොළඹට”- එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී

“විරෝධය කොළඹට” ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමනට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දකින බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී  එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවත්  විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇති අතර  කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සම්පුර්ණ නිවැරදි වී නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදය තුළ නැගෙන විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවින් බව ඔහුගේ  ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර ඇති බව සදහන් වේ.

මෙසේ ක්‍රියා කිරීම තුලින් ආණ්ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ජනතාවට නිහඬව පසෙකට වී සිටිය යුතු බවත්  එම තත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇති බවයි.

Exit mobile version