ජීවිතයක් බිළි ගෙන පළාගිය කොටිපතියා නීතියේ දැලට.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පලා ගිය සැකකරු අද (13) අලුයම ඩුබායි සිට යලි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය 10 වනදා අධික වේගයෙන් ධාවනය වූ සැකකරුගේ මෝටර් රථය  ඉදිරියෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක පිටුපස ගැටීම හේතුවෙන් එහි රියදුරු මියගොස් තිබේ.

එහිදී මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රසුල් මොහොමඩ් රිෂාක් අනතුරින් පසු මෙසේ ඩුබායි බලා පළා ගොස් තිබේ.

අනතුර සිදුව ඇත්තේ පෙරවරු 06.30 ට වන අතර මොවුන් එදිනම උදෑසන 09.55 පමණ වන විට මෙසේ ඩුබායි බලා පලා ගොස් තිබෙණ  බව අනාවරණය වේ.

ධනය ඇත්තා වූ කෝටිපතියන් නම් මෙසේ නීතිය බියේ පළා ගියද අනතුරින් එතැනදීම මියගිය පුද්ගලයාගේ පවුලේ උදවියට කුමන ඉරණමක් අත්වේ දැයි කවුරුන් හෝ සිතන්නට ඇත් ද?‍

මේ රටේ පාලකයාගේ සිට සකස් වී ඇති ක්‍රමය මෙසේ විය.තමන් ගැන පමණක්, තමන් ගැලවෙන්නේ කෙසේදැයි යන්න පමණක් සිතන ආත්මාර්ථකාමී මිනිසුන් වෙසෙන රටත් තුළ සමාජ ක්‍රමයේ හෝ පාලන ක්‍රමයේ වෙනසක් වේයැයි අප කිසිවෙකුට අපේක්ෂා කළ නොහැක.

ඇත්තවුන් කයි බොයි ජොලි කරයි.එයට කමක් නැත.නමුත් ඔවුන්ගේ ජොලි කිරීමේ අතුරු ප්‍රතිඵල අහිංසක මිනිසුන්ගේ ජීවිත මතින් මෙසේ ගමන් කිරීමට ඉඩ ලබා නොදිය යුතුය.

Exit mobile version