වාද්දුව මොරොන්තුඩුව ප්රදේශවාසීන් පිරිසක් විසින් කේබල් සහිත ඇමක් ගිළදමා බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී අඩි 13ක පමණ දිගින් යුත් කිඹුලෙකු අනතුරකින් තොරව බේරාගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ..
මෙසේ බේරා ගත් කිබුලා පළමුව ගම්වාසීන් සමග ඔයෙන් ගොඩට ගෙන ඉතා ආරක්ෂිතව බැද ඉන්පසු එම ස්තානයේ සිටි සංජීව නම් තරුණයකු කිබුලගේ කට තුලට අත දමා විනාඩි 30ක පමණ උත්සාහයකින් අනතුරුව කේබලය සත්වයාට හානියක් නොවන සේ ඉතා පරෙස්සමට ගත් බවයි වාර්තා වන්නේ
එසේ බේරා ගත් කිබුලා වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් අසල පිහිටි පොකුණකට දමා ඇති බවයි වාර්තා වන්නේ.