හොඳින් හිතන්න, ඔබට ගැලපෙනම ක්ෂේත්රය නිවැරදිව තෝරාගන්න. ඔයා වැඩියෙන්ම දක්ෂ වගෙම ඔයා ආසම ක්ෂේත්රය, එක දිගට කැපවෙන්න පුලුවන් වගෙම කරගෙන යද්දි කම්මැලි කමක් නොදැනෙන, නිදිමතක් නො එන ක්ෂේත්රය.
තෝරාගත්තායින් පස්සෙ එක දිගටම කැපවෙන්න.
ගොඩාක් මිනිස්සු කරන්නේ එක දෙයක් පටන් අරගෙන තව ටික දවසකින් තවත් දෙයක් පටන් ගන්නව. ඒක කරගෙන යද්දි තවත් කෙනෙක් කරපු දෙයක් සාර්ථක වෙලා තියෙනවා කියල දැකල ඒක පටන්ගන්නව. ඇයි ඒ…
ඔයාට හරි දැක්මක්, ඉලක්කයක් නෑ.. අන්න ඒකයි එකින් එකට මාරු වෙන්නෙ.
නමුත් තවත් කෙනෙක් පුංචියට යම් දෙයක් පටන් අරගෙන හෙමින් හෙමින් ගොඩනගමින් ඉදිරියට යනව. මුල් කාලයේ ලොකු වෙනසක්, සාර්ථකත්වයක් පේන්නෙ නැති වෙන්න පුලුවන්. සමහර අය විහිළු කරනව වෙන්න පුලුවන්. ඒත් එයා එයාගෙ වැඩේ එක දිගටම කරගෙන යනව. ටික කාලයක් යද්දි ඔහු මහා දැවැන්තයෙක් වෙලා.
මොකද ඕනෑම ක්ෂේත්රයක යමෙක් කැපවීමෙන් වැඩ කරල පැය 10 000 ක් සම්පුර්ණ කලා කියන්නේ ඔහු හෝ ඇය එම ක්ෂේත්රයේ ප්රවීනයෙක්.
පුංචි තේ කඩයක් වෙන්න පුලුවන් , පුංචි ගරාජ් එකක් වෙන්න පුලුවන් , පොඩියට පටන්ගත්ත tution class එකක් වෙන්න පුලුවන්. පොලේ බඩු විකුනපු කෙනෙක් වෙන්න පුලුවන්,
නිවැරදි ඉලක්කයක් දැක්මක් ඇතිව ගියොත් අවුරුදු 5ක් ඇතුලත අර පුංචි තේ කඩය ලොකු හොටෙල් එකක් වේවි, පුංචි ගරාජ් එක ලොකු වාහන වැඩපොලක්, පුචි tution class එක දැවැන්ත tution class එකක්, පොලේ බඩු විකුනපු කෙනා ලොකු food city එකක අයිතිකාරයෙක් වෙන්න පුලුවන්.
එක ක්ෂේත්රයක් තෝරාගන්න, එක දිගට කැපවෙන්න, මහන්සි වෙන්න ඒ තුල ප්රවීනයෙක් වෙන්න, ඔබ තුල හොඳ ආකල්ප වර්ධනය කරගන්න, සොබා දහමේ නීතියට ගරු කරන්න.
අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක විය හැකියි…
ඔබට ජය.
(උපුටා ගැනීමකි)
_ Sanura Yasas Win_