“ජීවිතය අලුතින් දකින්නට – යාත්‍රාව” – මතට ඇබ්බැහි වූවන් මතින් තොර කිරීමේ ක්‍රියාන්විතයක්

රාත්‍රි කාලයේ දී ගල්කිස්ස, මොරටුව,දෙහිවල යන පොලිස් වසම්වල මාර්ගපුරා සැරිසරන, මතට ඇබ්බැහි වූවන් 215 දෙනෙකු ඊයේ (05) රාත්‍රියේ සිදුකරන ලද මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනාගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ඔවුන්ගේ සියලු තොරතුරු විශේෂ දත්ත පද්ධතියකට ඇතුලත් කර ඇත.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින්ගෙන් 56 දෙනෙකු විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් ලෙසත් ,33 දෙනෙකු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් බවත් හඳුනාගෙන ඇත.

මෙම පිරිසේ කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් බවට හඳුනාගන්නා ලද සැකකරුවන් 56 දෙනෙකු සඳහා එන්නත් ලබා දීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර ලබා දීමේ වෛද්‍ය සායනයක් ද සමගින් සියලු ඇබ්බැහි වූවන් සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නිලධාරී ගයාන් ජයවර්ධන මහතාගේ මතින් තොරවීමේ වැදගත්කම සහ ඒ සඳහා මානසිකව සූදානම් කරලීමේ විශේෂ දේශණයකට යොමු කිරීමත්, වෘත්තීය උපදේශණ නිලධාරීන්ගේ උපදේශණ ක්‍රියාවලියට සම්බන්ධ කරලීමත් අද (06) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී සිදුකර ඇත.

මෙම වැඩසටහන “ජීවිතය අලුතින් දකින්නට – යාත්‍රාව” යන තේමාව යටතේ මෙම වැඩසටහන බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසය විසින් සංවිධානය කර ඇත.

Exit mobile version