ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමරිකාවෙන් ඉහලම සම්මානයක්.

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff College හි විශිෂ්ඨතම නිලධාරීන්ගේ ලැයිස්තුවට එක්කර ඇත.

ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලයා මහේෂ් සේනානායක මහතා වන බව වාර්තා වේ.

එමෙන්ම අමෙරිකාව විසින් මෙම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ සිය වෘත්තීය ගරුත්වය රැකගනිමින්, උපරිම සේවාවක් සිදු කළ උදාර නිලධාරීන් වෙත බවද සඳහන් වේ.

මහේෂ් සේනානායක මහතා ඉතාම විශිෂ්ට ගති පැවතුම් ඇති නිහතමානී පුද්ගලයෙක් වන අතර යුධ හමුදාධිපතිව සිටියදී ද ඉතාම නිහතමානී ලෙස තම රාජකාරිය ඉටු කරන ලද අතර සියලුම දෙනාට එක සේ සලකන ලද කීර්තිමත් නිලධාරියෙකි.

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයේ සුභ පැතුම් ද එක්කරමු.

Exit mobile version